අපේ සීයාගේ නම සී.ඩි.තේමිස්, ගම බියගම, ඉපදිලා තියෙන්නේ 1921 ජූලි 07 වෙනිදා, දැන් වයස අවුරැදු 91 ක් වෙනවා. සීයාට කෝටි ගානක් වටිනා ඉඩම් තිබුනා ගමේ ඒ හැමදේම සීයා දරැ මුණුබුරන්ට බෙදලා දුන්නා සීයාට පෙන්ෂන් එකකුත් හම්බවෙනවා ඒත් ඒ කිසිම දෙයකින් සීයට වැඩක් නෑ සීයාගේ ඇස් දෙකම පේන්නෙ නෑ, කන් දෙක හරියට ඇහෙන්නෙත් නෑ, සීයාට ඇහෙන්න කථා කරන්න නම් හයියෙන් කථා කරන්න ඕනේ, අපි දෙයක් දුන්නොත් තමයි සීයාට ඒක ගන්න පුලුවන් ඉතින් කොයිතරම් සල්ලි බාගෙ තිබුනත් ඒ කිසිම දෙයකින් දැන් වැඩක් නෑ, සීයාගේ අතපය වාරැ නෑ සීයට ඕන තැනට යන්න අපි කවුරැහරි අල්ලගෙන යන්න ඕනේ, එත් කවදාවත් සීයාගෙන් කරදරයක් නෑ කරදර කරන්න කැමතිත් නෑ දෙයක් කිව්වත් කියන්නෙ උදව්වක් ඉල්ලන විදියට
සීයාට උදේම තේ එක දුන්නාම ඒක ගන්නේ අපිට පිං දීලා ඒ වෙලාවට ඇත්තටම හිතට ලොකු සතුටක් දැනෙනවා ඒ සතුටු හිතින් මුලු දවසේම වැඩ කරන්න අපිට පුලුවන්න, තේ බීලා ඉවර උනාම මූණ හෝදන්න එක්ක යනවා අපිට තියෙන්නේ සීයාට පාර පෙන්නන එක විතරයි ඊට පස්සේ තනියම ගිහින් මූණ හෝදගෙන ඇග හෝදගෙන හැමදේම කරගෙන තනියම ඇවිත් පුටුවේ වාඩිවෙනවා. එතන තියල තියෙන කමිසය අතගාලා අරගෙන ඇදගෙන රැවුල කපපු දවසට පියරැ ටිකකුත් ඉල්ලගෙන මුණේ ගාගෙන සීයා දවස පටන් ගන්නේ එතනම ඉදන් බුදුන් වැදලා, ඊට පස්සේ කෑම කාලා ආපහු පුටුවේ වාඩිවෙලා ඉන්න ගමන් සීයා කරන්නේ තනියම හරි කථා කරන එක පරණ කවි,ගාථා,ගමේ පරණ කථන්දර, බණ කථා හැමදේම කියනවා. ඇස් නොපෙනුනාට කන් දෙක හරියට ඇහුනේ නැති උනාට සියා ඉන්නේ හරිම සතුටින් තාම හොදට හැමදෙයක් ගැනම හොද මතකයක් තියෙනවා.
හැම ඉිදාම උදේට සීයා බණ අහනවා අපි සීයාට බණ අහන්න දෙන්නේ අපේ ජංගම දුරකථනයෙන්, මිල මුදල් ඉඩ කඩම් කොයිතරම් තිබුනත් වයසට ගියාම ආදරේ කරැණාව මිසක් වෙන කිසිම දෙයකින් ඒ අයට වැඩක් නෑ. එයාලට ඕනේ ආදරය කරැණාව විතරයි. අපිට නැති දේවල් ගැනම හිත හිත දුක්වෙන අපිට හැදෙන්න අපේ සීයා හොද උදාහරණයක් ඇස් නොපෙනී කන් නොඇසී තවත් කෙනෙකුගේ හව් හරනින් ජීවත් වෙමින් බණ දහම් අසමින් සතුටින් කාලය ගත කරන අපේ සීයා අපිට සම්පතක්..............